Skip to main content

Wassane Hinee වස්සානේ හීනේ

මේක තමා ජීවිතය .
ජීවිතය විදිනවා කියල හිතගෙන... අයාලේ යන සිතත්  එකක... සෙල්ලක්කාර ජීවිතයකට හැඩගැසුන මට..හම්බුනු එක්කෙනෙක්ගෙන් අමුතු ආදරයක් ලැබුනා ....

වස්සානේ හීනේ කදුළේ පොගවාලා...
සංසාරේ අදුරුයි ඔබ වෙන් වීලා ..
හැමදාමත් ඉන්න මා ...
තනිවෙලා ..

වස්සානේ හීනේ කදුළේ පොගවාලා...
සංසාරේ අදුරුයි ඔබ වෙන් වීලා ..
හැමදාමත් ඉන්න මා ...
තනිවෙලා ..

කදුලක උණුහුම ඇහිදා  ඒ ..
ඉදුරා පවසයි ඔබ මගේ ...
ප්‍රේමා ලින්ගන ආල කතන්දර..
විදින්න නෑ අද..
වැලපේ සිත මගේ..

වස්සානේ හීනේ කදුළේ පොගවාලා...
සංසාරේ අදුරුයි ඔබ වෙන් වීලා ..
හැමදාමත් ඉන්න මා තනිවෙලා ..


යහනක තනිකම ඉකි බින්දේ..
තුරුලේම උණු හැටි ලය කන්දේ ..
රෝස තොල් අග  හාදු වැස්සක ..
තෙමෙන්න බෑ මට වැලපේ හිත මගේ ..

RAP

වස්සානේ හීනේ කදුළේ පොගවාලා...
සංසාරේ අදුරුයි ඔබ වෙන් වීලා ..
හැමදාමත් ඉන්න මා ...
තනිවෙලා ..

ඒ ආදරේ නිසා ඉපදුන ජීවිතෙත් මන් නැති  කරා ...ආදරෙත් අත්හැරියා. හිතේ  ලොකු පසුතැවීමක් එක්ක අද මන් විතරක් තනියම...


Comments

Popular posts from this blog

වලාකුල් වියන් තනාලා

වලාකුල් වියන් තනාලා …… ඉරේ රැස් නිවා දමා  වසන්තේ අරන් ඇවිල්ලා ….. සිහිල් සේලයෙන් වෙලා අනේ මං බලාන උන්නා …. යළිත් ඔබ එතැයි කියා  සිනා රන් කැළුම් සලාලා …. මගේ සඳ උදාවෙලා පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා  ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා  අනන්තය සිසාරා රහසේමා  පියාඹන්න ආසයි ඔබ හා මා දසන්තේ පියා සලාලා … ස‍ඳේ රැස් හෙමින් උනා …  සොයන්නේ ඔබේ රුවයි මා … කොහේ හැංගුණේ කියා …  රැයේ සීතලෙන් මිදිලා … තුෂාරෙන් මුවා වෙලා  හිඳින්නේ ඔබේ ළඟයි මා … සුසුම් උණුසුමක් පතා …  පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා  අනන්තේ සිසාරා රහසේමා  පියාඹන්න ආසයි ඔබ හා මා Artists : Bhathiya ft. Umaria

Sudu Andumin - සුදු ඇඳුමින්

සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ තනිවෙන විට මා සමගින් ඉඟිකර අදි මදි කරමින් තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ රන් තරු වටකර පායන සඳ ඇදි සෙවනැලි සිතුවම් රෑ සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල මගෙ සිත ඉවසුම් නෑ කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ කුමරිය ඔබ අද මා ලඟ නෑ ගංතෙර ළග බට පඳුරෙහි සිරි සිරි හඩ මට සිහිලැල් පෑ කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ පාසල් යන ඔබ මාවෙත සිහිවන විට මට ඉවසුම් නෑ මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ කුමරිය ඔබ අද මා ලඟ නෑ Artist : JayaSri Get paid to share your links!

දියවන්නා කුමාරියේ (Diyawanna Kumariye)

දියවන්නා කුමාරියේ..  නුඹ නිදනා නිසොල්මනේ දෙරණට සඳ පළුව එබෙනවා..  හීන පේන සීනි බෝල..  තක්ෂිලාව වට කරලා මගේ පුතා අකුරු කරනවා..  සුවට නිදන්නේ..  සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා..  හෝ හෝ හෝ.. හෝ හෝ හෝ.. නුඹව රකිනවා. හුස්ම බෙදන රූස්ස ගස්..  යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා..  දළ දිලිසෙන හස්ති රජුන්..  හෙමින් හෙමින් නිදි කරලා ස්වර්ගයට යන්න හදනවා..  සුවට නිදන්නේ..  සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා..  හෝ හෝ හෝ.. හෝ හෝ හෝ.. නුඹව රකිනවා.. පත්තිනියේ නුඹ නාඩන්..  ඇය එතෙරක කාසි සොයයි ඒ කාසිය රජුන් තනනවා..  රේණු තලා මල්ද තලා..  තෙල් මල් ගෙන දෝත දරා නිවන් යන්න පාර අහනවා..  සුවට නිදන්නේ..  සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා..  හෝ හෝ හෝ.. හෝ හෝ හෝ.. නුඹව රකිනවා..  ගායනය: දුමාල් වර්ණකුලසූරිය සහ නාද (NAADA) පද රචනය: ඉරේෂ් වන්ණකුකෝරාල සංගීතය: නාද (NAADA)