Skip to main content

Sudu Andumin - සුදු ඇඳුමින්

සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්
ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ

රන් තරු වටකර පායන සඳ ඇදි
සෙවනැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
මගෙ සිත ඉවසුම් නෑ
කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ
කුමරිය ඔබ අද මා ලඟ නෑ

ගංතෙර ළග බට පඳුරෙහි
සිරි සිරි හඩ මට සිහිලැල් පෑ
කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ

පාසල් යන ඔබ මාවෙත සිහිවන විට
මට ඉවසුම් නෑ
මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
කුමරිය ඔබ අද මා ලඟ නෑ

Artist : JayaSri

Comments

Popular posts from this blog

වලාකුල් වියන් තනාලා

වලාකුල් වියන් තනාලා …… ඉරේ රැස් නිවා දමා  වසන්තේ අරන් ඇවිල්ලා ….. සිහිල් සේලයෙන් වෙලා අනේ මං බලාන උන්නා …. යළිත් ඔබ එතැයි කියා  සිනා රන් කැළුම් සලාලා …. මගේ සඳ උදාවෙලා පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා  ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා  අනන්තය සිසාරා රහසේමා  පියාඹන්න ආසයි ඔබ හා මා දසන්තේ පියා සලාලා … ස‍ඳේ රැස් හෙමින් උනා …  සොයන්නේ ඔබේ රුවයි මා … කොහේ හැංගුණේ කියා …  රැයේ සීතලෙන් මිදිලා … තුෂාරෙන් මුවා වෙලා  හිඳින්නේ ඔබේ ළඟයි මා … සුසුම් උණුසුමක් පතා …  පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා  අනන්තේ සිසාරා රහසේමා  පියාඹන්න ආසයි ඔබ හා මා Artists : Bhathiya ft. Umaria

දියවන්නා කුමාරියේ (Diyawanna Kumariye)

දියවන්නා කුමාරියේ..  නුඹ නිදනා නිසොල්මනේ දෙරණට සඳ පළුව එබෙනවා..  හීන පේන සීනි බෝල..  තක්ෂිලාව වට කරලා මගේ පුතා අකුරු කරනවා..  සුවට නිදන්නේ..  සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා..  හෝ හෝ හෝ.. හෝ හෝ හෝ.. නුඹව රකිනවා. හුස්ම බෙදන රූස්ස ගස්..  යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා..  දළ දිලිසෙන හස්ති රජුන්..  හෙමින් හෙමින් නිදි කරලා ස්වර්ගයට යන්න හදනවා..  සුවට නිදන්නේ..  සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා..  හෝ හෝ හෝ.. හෝ හෝ හෝ.. නුඹව රකිනවා.. පත්තිනියේ නුඹ නාඩන්..  ඇය එතෙරක කාසි සොයයි ඒ කාසිය රජුන් තනනවා..  රේණු තලා මල්ද තලා..  තෙල් මල් ගෙන දෝත දරා නිවන් යන්න පාර අහනවා..  සුවට නිදන්නේ..  සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා..  හෝ හෝ හෝ.. හෝ හෝ හෝ.. නුඹව රකිනවා..  ගායනය: දුමාල් වර්ණකුලසූරිය සහ නාද (NAADA) පද රචනය: ඉරේෂ් වන්ණකුකෝරාල සංගීතය: නාද (NAADA)